කෘත්‍රිම බුද්ධිය සහ මානව පැවැත්ම - ජයරත්න ඉහළ කොඩිප්පිලි






සිතන පතන යන්ත්‍ර පිළිබඳ අදහස අලුතින් බිහි වූවක් නොවේ. එය අතීතය දක්වා විහිදී යයි. එහෙත් සත්‍යමය කෘත්‍රිම බුද්ධියේ ඉතිහාසය අඩ සියවසකට ස්වල්පයක් වැඩි වූවකි. විද්‍යා ප්‍රබන්ධකරුවන්ගේ ක්‍රියාකාරිත්වයත් සමග එයට නව පණක් ලැබුණි. පසුගිය සියවසේ දී විද්‍යාව හා තාක්ෂණවේදයේ ඇති වූ ප්‍රගතිය සෑම ක්ෂේත්‍රයක් තුළම බලපෑමක් ඇති කළේ ය.


මිනිසාගේ ස්නායු සෛලවල ක්‍රියාකාරිත්වය හා මොළය තුළ සිදුවන සංකීර්ණ ක්‍රියාවලිය යම් ප්‍රමාණයකට අවබෝධ කරගැනීම තුළින් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අදහස නැවත කරළියට පැමිණියේ ය. මොළයේ ක්‍රියාකාරිත්වය ගණිතමය ශ්‍රිතයන්ට පරිවර්තනය කර ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයකට ආදේශ කළ හැකි බව අනාවරණය වීමත් සමග යාන්ත්‍රික බුද්ධිය පිළිබඳ සංකල්පය යථාර්ථයක් බවට පත් විය.

කෘත්‍රිම බුද්ධිය බිහි විය. භෞතික සිරුරක් ඇති රොබෝවන් මෙන්ම බුද්ධිමය ක්‍රියාකාරිත්වයෙන් යුතු මෘදුකාංග ද බිහි විය. කෘත්‍රිම බුද්ධිය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශීඝ්‍ර යෙන් සංවර්ධනය වෙමින් පවතී. එහෙත් එතුළින් උදාවන අනාගතය අවිනිශ්චිත ය. 2050 වර්ෂයට පෙර කෘත්‍රිම බුද්ධිය මිනිසාගේ බුද්ධිය අභිබවා යයි. මිනිසා බුද්ධිමත්ම සත්ත්වයා ලෙස සලකනු ලැබුව ද සෑම විටම බුද්ධිමත් ව ක්‍රියා නොකරයි. මිනිසා බුද්ධියෙන් දෙවැන්නා වීමත් සමග ලෝකයේ පාලනය ඔහු වෙතින් ගිලිහී යයි.
එළැඹෙන වසර 30 තුළ කෘත්‍රිම බුද්ධියේ උච්ඡතම සංවර්ධනය පිළිබඳ කථා පුවත ලොවට අනාවරණය වනු ඇත. මේ වන විටත් ජංගම දුරකථනය සමග බුද්ධිමය සංවාදයක යෙදීමේ හැකියාව ඔබ සතු ය. මීළග වර්ෂ කිහිපය තුළ දී කෘත්‍රිම බුද්ධිය මගින් භෞතික ලෝකය වෙනස් කිරීමේ කාර්යය පුළුල් ලෙස ආරම්භ කෙරෙනු ඇත.රියැදුරන් නොමැති වාහන මහා මාර්ගවල ධාවනය වෙයි. පුද්ගලයන් හා ඔවුන්ගේ මුහුණේ ඉරියව් හදුනාගත හැකි මුහුණත්මෙන්ම තරග විභාග වලට මුහුණ දෙන මිනිස් රුවැති රොබෝවන් පිළිබඳ
ව ද අසන්නට ලැබෙනු ඇත.

මෙම ක්‍රීඩාවේ අවසානය කෙබඳු වනු ඇති ද? මිනිසා සිදුකරන සියලුම කාර්යයන් කිරීමේ හැකියාව ඔවුන් ලබා ගත්විට කුමක් සිදු විය හැකි ද? මෙය විද්‍යා ප්‍රබන්ධයක් නොවේ. අවසානය දක්වා කියවන්න. මේ ඔබ අනාගතයේ දී ජීවත්වන ලෝකයයි.

මිල රු. 350/=




Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment