විද්‍යාඥයෝ සහ නව නිපැයුම්කරුවෝ - ජයරත්න ඉහළ කොඩිප්පිලි

විද්‍යාඥයා පරිසරයේ පවතින මෙතෙක් හදුනා නොගත් දෑ පිළිබඳව අනාවරනය කිරීම් වල යෙදෙයි. අනාවරණය වූ මූලධර්ම උපයෝගී කරගනිමින් නව නිපැයුම්කරුවා නව නිපැයුම් බිහිකරයි. ලොව වෙනස්කිරීමට දායක වූ පුද්ගලයන් එකසිය හැටකට අධික ප්‍රමාණයක් පිළිබද තොරතුරු මෙම පොතෙහි අන්තර්ගත වේ. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, තාරකා විද්‍යාව, මනෝ විද්‍යාව සහ තාක්ෂණවේදය යන ක්ෂේත්‍ර ඔස්සේ විවිධ පර්යේෂණවල නිරත වූ විද්‍යාඥයෝ සහ නව නිපැයුම්කරුවෝ ඒ අතර වෙති.

ලොව වෙනස් කළ විදයාඥයින්ගේ සහ නව නිපැයුම්කරුවන්ගේ ජීවිත හැමවිටම ජයග්‍රහණයන්ගෙන් පිරී නොතිබුණි. ඒවා පරාජයන්ගෙන් මෙන්ම දුක් වේදනාවන්ගෙන් ද අනූන විය. එහෙත් ඔවුන්ගේ අධිෂ්ඨානය සහ නොපසුබට උත්සාහය නිසා විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඔවුන් ලබා ඇති ජයග්‍රහණයන් මිනිස් සංහතිය වෙත දායාද කරදීමට ඔවුනට හැකි වී තිබේ. ඔවුන්ගේ ජීවන තොරතුරු වලින් ඔබට ලබා ගත හැකි ආදර්ශ බොහොමයකි. අනාගතයේ දී එවැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ශ්‍රී ලංකාවෙන් බිහිවීම දැක්ම අපගේ අපේක්ෂාවයි. මෙය ඒ සඳහා මග පෙන්වීමකි.
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment