නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 7, 8 හා 9 ශ්‍රේණිවල විද්‍යාව විෂයය අධ්‍යයනය කිරීමේ දී හැදෑරීමට සිදුවන තාරකා විද්‍යා පාඩම් ඒකක පිළිබද දැනුම හා අවබෝධය පහසුවෙන් ලබාගැනීම සදහා මෙම පොත සම්පාදනය කොට ඇත. විද්‍යා ගුරු වරයෙකු වශයෙන් වසර ගණනාවක අත්දැකීම් ලබා ඇති ජයරත්න කොඩිප්පිලි මහතා, සිසුන්ගේ දැනුම මට්ටමට උචිතවන පරිදි සරල ශෛලියකින් මෙම පොත ලියා ඇත. සෑම ඒකකයකටම සිත්ගන්නා සුළු ආකාරයට නාට්‍යානුසාරයෙන් පිවිසී ක්‍රමයෙන් වඩාත් ගැඹුරැ කරැණු පිළිබද ව අවධානය යොමු කර ඇත.
‘‘ සමුදුර ’’ සහ ‘‘ විදුසෙත ’’ පුවත්පත්වල විද්‍යා විශේෂාංග ලේඛකයෙකු වශයෙන් පාඨකයන් අතරට පිවිසි හෙතෙම තාරකා විද්‍යාව පිළිබද ව ඇති උනන්දුව නිසාම 1997 වසරේ දී සිසු ගුරු නිර්මාණ සහිතව ‘‘ මන්දාකිණි ’’ නමින් තාරකා විද්‍යා සගරාවක් බිහිකිරීමට දායක විය. ජාතික අධ්‍යපන ආයතනයේ සම්පත් පුද්ගලයෙකු වශයෙන් ද, හෝමාගම අධ්‍යාපන කලාපයේ ‘‘ ගුරැ තරු ’’ තාරකා විද්‍යා සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් ද ජයරත්න කොඩිප්පිලි මහතා කටයුතු කරයි.
මහාචාර්ය රෝලන්ඩ් අබේපාල
කොළඹ විශ්ව විද්‍යාලය
0 comments:
Post a Comment