6 ශ්‍රේණිය පරිසර අධ්‍යයනය අතිරේක කියවීම් පොත - ජයරත්න කොඩිප්පිලි

      නව අධ්‍යාපන ප්‍රතිසංවිධාන හා ප්‍රතිව්‍යුහකරණ වැඩපිළිවල යටතේ 6 ශ්‍රේණියේ සිසු දරැ දැරියන්ට අධ්‍යයනය කිරීමට සිදුවන පරිසර අධ්‍යයනය විෂයය පිළීබද අතිරේක කියවීම් පොතකි මේ. 6 ශ්‍රේණියේ පරිසර අධ්‍යයනය විෂයය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආරණය වන පරිදි මෙහි පාඩම් ඒකක සකස් කොට ඇත. 6 ශ්‍රේණියට පිවිසෙන දරැ දැරියන් මෙතෙක් හදාරා ඇත්තේ සමෝධානික විෂයය මාලාවකි. එහෙත් දිවිතීයික අධ්‍යාපනය ලැබීමේ දී ඔවුන්ට අධ්‍යයනය කිරීමට සිදුවන්නේ විෂයය පාදක විෂයය මාලාවකි. ඒ අනුව 7 ශ්‍රේණියේ සිට අධ්‍යයනය කිරීමට සිදුවන විද්‍යාව හා තාක්ෂණවේදය විෂයයටත් සමාජ අධ්‍යයනය විෂයයටත් පිවිසීමේ මූලික පියවර වශයෙන් මෙම සංක්‍රාන්ති අවස්ථාවේදී පරිසර අධ්‍යයනය විෂයය හැදෑරීමට අවස්ථාව සළසා දී ඇත. මෙම පොත පරිශීලනය කිරීමෙන් ශිෂ්‍යයාට එම කාර්යය වඩාත් පහසු කරවනු ඇත.

      ප්‍රවීන විද්‍යා ආචාර්යය වරයෙකු සහ විද්‍යා ලේඛකයෙකු වන ජයරත්න අයි. කොඩිප්පලි මහතා විසින් මෙම පොත සම්පාදනය කර ඇත. ඔහු ජාතික අධ්‍යාපන ආයතනයේ සම්පත් පුද්ගලයෙකු වශයෙන් ද කටයුතු කරයි.
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment