අභ්‍යවකාශයේ අතරමං වූ තම සගයින් සොයා යන පිටසක්වළ ජීවීහු අවසානයේ දී පෘථිවියට පැමිණෙති.

ශීත කදුකරයේදී ඔවුන්ගේ අත්අඩංගුවට පත්වන සවනීට කරදර රැසකට මුහුණපෑමට සිදුවෙයි.

සවනීගේ වීරචාරිකාව සමග.....

විද්‍යාත්මක සහ තාක්ෂණික දියුණුව හමුවේ සැගවුණු ජීවිත........

ඉලෙක්ට්‍රොනික ලොවින් සමුගන්නා සොබාදහම.........

                                      සහ තවත් බොහෝ දේ.........

මිල රැ. 65/=                                                                           ISBN 978-955-584-355-4                                                                                                                                                                      
මව්බිම අහිමිව - රණවිරැ සුවද ජනාධිපති සම්මානය හිමි වූ නවකතාව


    ශ්‍රී ලංකාවේ පැවති සාමකාමී වාතාවරණය බිදවැටීමත් සමග කළු ජූලියේ ගිනිදැල් අතරින් බිහිවන හද කම්පා කරවන කතා පුවතකි මේ. දමිළ යුවතියකට මුහුණ පෑමට සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාවක් සහ ඇය එම අවස්ථාවලට මුහුණ දුන් ආකාරය මෙය තුළින් නිරෑපණය වේ.





රණවිරැ සුවද සාහිත්‍ය උළෙලේ දී මවුබිම අහිමිව පළමුතැන දිනයි.

     රණවිරැ අධිකාරිය මගින් පැවැත් වූ රණවිරැ සුවද සාහිත්‍ය උළෙලේ දී හොදම නවකතාවට හිමි සම්මානය දිනා ගැනීමට හෝමාගම මධ්‍යම මහා විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන ජයරත්න කොඩිප්පිලි මහතා සමත් විය.
    පසුගියදා මෙම උත්සවය ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. 
    උපාධිධාරී ගුරුවරයෙක් වන ජයරත්න කොඩිප්පිලි මහතා විද්‍යා ප්‍රබන්ධ පොතක් හා අතිරේක කියවීම් පොත් 8ක්  හා පරිගණකය පිළිබදව ද පොත් රැසක් ලියා පළ කොට ඇත. මව්බිම අහිමිව  නවකතාව ඔහුගේ ප්‍රථම නවකතා පොත ‍වෙයි.
    ජයරත්න කොඩිප්පිලි මහතා ලබාගත් කුසලාන සහතික අතැතිව ඡායාරෑපයේ සිටී.
                                                     
(2005.10.03 - දිවයින )                        -    ජයසිරි කාරියවසම්

   ‘‘ රාත්‍රී කාලයේ දී වනයේ ගමන් කිරීම අතිශයින් දුෂ්කර ය. එහෙත් මී ළග ගුවන් ප්‍රහාරයට පෙර කදචුරෙන් හැකිතරම් ඈතට ගමන් කළ යුතු ය. එබැවින් රාජනී ඉතා අපහසුවෙන් වනය තුළින් ඉදිරියට ඇදෙන්නට වූවා ය. කිසිවෙකුටත් ඇය පිළිබදව හෝඩුවාවක් ලබාගත නොහැකි වීම ගැන ඇය සතුටු වූවා ය.

     කටු පදුරැ අතරින් ඉදිරියට ඇදුණු ඇයට ගමනේ දුෂ්කර බව පසක් විය. අරැණ උදාවට තවත් පැය කීපයක් ඉතිරි ව ඇත. ඇය ඉදිරියේ වූ බන්කරයක් වෙත සෙමින් ඇදුනා ය. එළිය වැටෙන තුරැ මෙම බන්කරය තුළ ගතකිරීමට ඇය ඉටා ගත්තා ය.

     පසෙකින් වූ කව්ළුව තුළින් ඇය බන්කරය තුළට එබී බැලුවා ය. අන්ධකාරය මිස කිසිවක් නොපෙනේ. ඇය විදුලිපන්දම දල්වා බැලුවා ය. අඩි පහක් පමණ ගැඹුරට කපා සකස් කරන ලද බන්කරයේ ඉහළ කොටස කුඩා වල් පදුරැ වලින් වැසී තිබුණි. මෙය අතහැර දමන ලද බන්කරයක් විය යුතු ය. ඇය සීරැවෙන් එය තුළට බැස්සා ය. මෙය තුළ හතර දෙනෙකුට වුව පහසුවෙන් සැග වී සිටිය හැකි බව ඇයට අවබෝධ විය.

     ගමනෙන් හෙම්බත් ව සිටි ඇය බෑගය මත හිස තබා හොදහැටි දිග ඇදී හාන්සි වූවා ය. බන්කරය තුළ වූයේ දැඩි අන්ධකාරයකි. ඇය තදින් දෑස් පියා ගත්තා ය. ඇය කිසිදිනෙක මෙසේ හුදෙකලා වී නැත. එකවරම හමා ගිය දැඩි සුළගත් සමග ගස් වැල් ඇඹරෙන හඩ ඇයට ඇසුණි. මෙය කුණාටුවක පෙර නිමිත්තක් විය හැකි බව ඇය සිතුවා ය. තවත් සුළු මොහොතකින් සුළගත් සමග ලොකු ලොකු වැහි බිංදු වැටෙන්නට පටන් ගත්තේ ය. සුළං පහරින් බන්කරය තුළට ඇදී ආ වැහි බිදු කීපයක් රාජනීගේ මුහුණට වැටුණි. ඇය බන්කරය තුළ උක්කුටික ව වාඩි වූවා ය. වර්ෂාව එන්න එන්නම වැඩි වේ. තල් කොට අතරින් බේරී ආ කුඩා දිය පහරක් සිහින් වැලි කැටත් සමග ඇගේ නළලත මතට ඇද වැටුණේ ය. ඇය දෑතින් වතුර පිස දමා විදුලිපන්දම දැල්වූවා ය. හිසට ඉහළින් වූ තල්කොටය තල්ලුකර දිය පහර වැළැක්වීමට ඇය අසාර්ථක උත්සාහයක නිරත වූවා ය.

       දෙවියනේ.... දැන් මොකද කරන්නේ.... එළිවෙන තුරු වැස්සොත් බන්කරය ජලයෙන් පිරී යනු ඇත. ඇය බන්කරය තුළ තිබූ රෙදිකඩක් ගෙන කොට දෙක අතර සිර කළා ය. එමගින් දිය පහර තරමක් මර්දනය කරගැනීමට ඇය සමත් වූවා ය.

     එළිවෙන්නට තවත් පැය කීපයක් ඇත. ඇය නැවත බන්කරය තුළ දිග ඇදුනා ය. එහෙත් ඇයට වැඩි වේලාවක් එම ඉරියව්වෙන් සිටීමට නොහැකි විය. එකවරම තල් කොට අතරින් බේරී ආ දිය පහරක් ඇගේ දෙකළවා මතට ඇදහැළුණි. ඇය නැවතත් විදුලිපන්දම දැල්වූවා ය. ඒ සමගම ඇසුණු අඩි ශබ්දයෙන් කිසිවෙක් බන්කරය දෙසට දිව එන බව ඇයට දැනුණේ ය. ඇය විදුලිපන්දම නිවා දැමුවා ය. ’’

මිල රැ. 225/=                                                                                                     ISBN 978-955-99030-0-4

Next PostNewer Posts Home