උතුරු මුහුද - ජයරත්න කොඩිප්පිලි

      දශක තුනක් තිස්සේ ශ්‍රී ලාංකික ජනතාව පීඩාවට පත්කළ කුරිරැ ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියාවන් නිමාවට පත්කරමින් සිදුකළ මානුෂික මෙහෙයුම ආරම්භයේ සිට අවසානය තෙක් දිවෙන අනුවේදනීය කතා පුවතක් රැගත් උතුරු මුහුද නවකතාව දැන් ඔබට ලබාගත හැකිය.

Jayarathna Kodippily - Nordsee
Entgegenkommenden singhalesischen Sprache Novel

Jayarathna Kodippily - Mar del Norte
Próxima novela Sinhala Idioma

Jayarathna Kodippily - Marea Nordului
Din sens opus Sinhala Novel Limba

DŽAJARATNA KODIPPILJ - Severné more
Nadchádzajúce Sinhala jazyk román

ДЗАЈАРАТНА КОДИППИЛИ - Северное море
Предстоящее сингальского языка романа

Jayarathna Kodippily - Mer du Nord
Oncoming roman de langue cinghalaise

DŽAJARATNA KODIPPILJ - Severné more
Knjige su štampane cingaliscom román





      මාවිල්ආරු මෙහෙයුමේ සිට නන්දිකඩාල් කලපුව දක්වා සිදුකරන ලද මානුෂීය මෙහෙයුම හා ඒ සමයේ උතුරු  නැගෙනහිර ප්‍රදේශවල පැවැති ආර්ථිකසමාජීයය වාර්තාවරණය විවරණය කරමින් හෝමාගම අධ්‍යාපන කලාපයේ විද්‍යා ගුරු උපදේශකවරයෙකු වන ජයරත්න කොඩිප්පිලි මහතා රචිත උතුරු මුහුද නවකතාව ජනාධිපතිවරයාට පිළිගැන්වීමේ උත්සවය පසුගිය දා අරලියගහ මන්දිරයේ දී සිදුකෙරිණි. එහිදී  ජයරත්න කොඩිප්පිලි මහතා විසින්  ජනාධිපතිවරයා වෙත සිය කෘතිය පිළිගැන්වීමේ අවස්ථාව.
සේන පෙරේරා - ( මව්බිම )

      විදේශීය බලවේග වල අනුග්‍රහය ලබමින් වර්ධනය වූ කොටි සංවිධානය පරාජය කිරීමේ ක්‍රියාවලියට සමාන්තරව එදා පැවැති දේශපාලන, ආර්ථික, සමාජයීය පසුබිම පිළිබඳ අවධානය යොමු කරමින් ලියා ඇති මෙම කෘතියෙන් පැවැති තත්ත්වය මනාව පිළිබිඹු වේ. සත්‍යමය ක්‍රියාදාමයන් ද පසුබිම් කොට ගනිමින් ජයරත්න කොඩිප්පිලි මහතා විසින් නිර්මාණය කර ඇති මෙම කෘතිය කිසිවිටකවත් ප්‍රබන්ධයක් යැයි නොහැගේ.
මේජර් ‍ජනරාල් දයා රත්නායක 
RWP,RSP,USP,mdu,psc
යුධ හමුදා මාණ්ඩලික ප්‍රධාන


     තමාගේ කුළුඳුල් නව කතාව තුළින්ම සම්මානයට පාත්‍ර වන්නට කෙනෙකුට හැකිනම්... ඔහු ඒ අභියෝගය අභියෝගයක් කර නොගත් අයෙකි. රණවිරු සුවඳ ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ මව්බිම අහිමිවනවකතාවේ කතුවරයා ඔහු ය. ඔහු නමින් ජයරත්න කොඩිප්පිලි ය. දැන් යුද්ධය අවසන් ය. දශක තුනක් තිස්සේ පැවැති යුද්ධය නිමාකොට සාමයෙන් පිරි දේශයක් ගොඩනැංවීම කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අමතක කළ නොහැක්කක් නොවේ. එය අපේ සාඩම්බර වූ ඉතිහාසයේ නොමැකෙන සලකුණකි. අහිමි වූ ජීවිත අති විශාල ය. රණවිරුවන් තම ජීවිත පූජා කළේ පෞද්ගලික අරමුණකින් නොව පොදු හැගීමකිනි.

      එනිසා ඔවුන් සදා අමරණීය ය. මානුෂීය මෙහෙයුමත්, ඔවුනගේ සුරු විරුකමුත් අනාගතයේ දී දකින්නට නම් රණවිරු සාහිත්‍යයක් අත්‍යවශ්‍යම ය. ඒ අනුව මානුෂීය මෙහෙයුම පැවැති සමය පසුබිම් කර ගනිමින්, එහි ආරම්භයේ සිට අවසන් විජයග්‍රහණය දක්වා වූ වකවානුව වස්තු බීජ කරගනිමින් ඒ අනුව බිහි වුණකි උතුරු මුහුද”. හමුදා බුද්ධි නිලධාරියෙකු වටා ගෙතෙන මෙම කතා පුවතින් එවකට උතුරේ පැවැති සමාජ වාතාවරණය පිළිබිඹු වේ. එපමණක් නොවේ. යුද ගැටුම් වලට මැදිවූ අහිංසක ජනතාව, එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම් තුළින් පීඩාවට පත් වූ ආකාරයෙන් නිරූපිත ය. හමුදා භටයන්ගේ කැපවීම හා වීරත්වයත්, දැඩි දේශපාලන නායකත්වය තුළින් විදේශීය බලවේග නිහඬ වූ ආකාරයත් පිළිබඳ කෘතිය තුළ සාකච්ඡා වේ.

      “මුහුදේ ගිලෙන ගල් කැටයක් වගේ මමත් කොතැනක හරි මිහිදන් වේවි... ඒක කවදා කොතැනක දී සිදුවෙයි ද කියලා කිසි කෙනෙකුට කියන්න බැහැ... යුද්ධය හැම දෙයක්ම අපෙන් ඈත් කළා. හරියට බඩ පිරෙන්න කාපු දිනයක් මතක නැහැ...මදිවාදන්ගේ සිතුවිලිත්, චන්දිමාල්ගේ තීක්‍ෂණ බුද්ධිමය මෙහෙයුමත්, ත්‍රස්තවාදී ඉහළ පෙළේ ක්‍රියාකාරිත්වයත් සමඟ එහි අවසානය මෙම කෘතිය තුළ මැනවින් පිළිබිඹු කෙරේ.
නදීෂානි පි‍්‍රයංගිකා - ( දිනමිණ )

      මෙම කෘතිය සරසවි, ගුණසේන, ගොඩගේ, සූරිය, දයාවංශ ඇතුලු දිවයිනේ ප්‍රධාන  පොත්හල් වෙතින් ලබාගත හැකියි..

මිල රැ. 300/=                                                          ISBN 978-955-99030-5-5

Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment