
9 ශ්‍රේණියේ විෂයය නිර්දේශයටඅදාළ සියලු පාඩම් ඒකක ආවරණය වන පරිදි මෙම පොත සකස් කර තිබේ. එමෙන්ම 9 ශ්‍රේණියේ දී පාසල් පද්ධතියට හදුන්වා දෙන නැනෝ තාක්ෂණය පිළිබද අතිරේකයක් ද මෙම පොතට ඇතුළත් වේ. වාර විභාග සහ ඇගයීම් අවස්ථා සදහා සූදානම් වන සිසුන්ට තමා උගත් කරැණු ඉක්මනින් පුනරීක්ෂණය කරගැනීම සදහා මෙම පොත මහගු පිටිවහලක් වනු ඇත.
විද්‍යාව විෂයයට අදාළ අතිරේක පොත් රැසක් ලියා ඇති සම්මානලාභී ලේඛක ජයරත්න කොඩිප්පිලි මහතා විසින් මෙම පොත සම්පාදනය කොට තිබේ. වසර ගණනාවක් ගුවන්විදුලියෙන් හා රෑපවාහිනී අධ්‍යාපන සත්කාරය තුළින් අ.පො.ස.(සාපෙළ) විභාගයට මුහුණ දුන් දැයේ දරැවන්ගේ ජයග්‍රහණයට අත්වැලක් වූ ඔහු විසින් සම්පාදනය කරන ලද විද්‍යාව 10 සහ 11 සාරාංශීකරණය පොත් ද සිසුන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.
හෝමාගම කලාපීය විද්‍යා ගුරැ උපදේශක වශයෙන් කටයුතු කරන ජයරත්න කොඩිප්පිලි මහතාගේ මෙම කෘතිය ද සිසුන් අතර ජනප්‍රිය වනු නොඅනුමාන ය.
එච්. එස්. පෙරමුණගේ
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විද්‍යා)
0 comments:
Post a Comment