Ranaviru Suwanda Award Winner - Jayarathna Kodippily

     “ There was thick darkness in the bunker. She closed her eyes tightly. She never become  lonely in anyday. She heard the bendings and rolling sound of the trees and creepers with the sudden blow of the hard wind. She though it was a foretell of a storm. After a short time big rain drops began to fll down with the wind. Some rain drops which came with the wind into the bunker hit on the face of Rajanie. She sat on her heels. The rain become heavy gradually. Some water came between  tha palmyra  logs with some sand hit on the forehead uf Rajanie. She wiped the water with both her hands and switched on the torch. She tried to push the palmyra log over her head and stop the water coming  in. But it was in vain. ”
      දශක තුනක් තිස්සේ ශ්‍රී ලාංකික ජනතාව පීඩාවට පත්කළ කුරිරැ ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියාවන් නිමාවට පත්කරමින් සිදුකළ මානුෂික මෙහෙයුම ආරම්භයේ සිට අවසානය තෙක් දිවෙන අනුවේදනීය කතා පුවතක් රැගත් උතුරු මුහුද නවකතාව දැන් ඔබට ලබාගත හැකිය.

Jayarathna Kodippily - Nordsee
Entgegenkommenden singhalesischen Sprache Novel

Jayarathna Kodippily - Mar del Norte
Próxima novela Sinhala Idioma

Jayarathna Kodippily - Marea Nordului
Din sens opus Sinhala Novel Limba

DŽAJARATNA KODIPPILJ - Severné more
Nadchádzajúce Sinhala jazyk román

ДЗАЈАРАТНА КОДИППИЛИ - Северное море
Предстоящее сингальского языка романа

Jayarathna Kodippily - Mer du Nord
Oncoming roman de langue cinghalaise

DŽAJARATNA KODIPPILJ - Severné more
Knjige su štampane cingaliscom román





      මාවිල්ආරු මෙහෙයුමේ සිට නන්දිකඩාල් කලපුව දක්වා සිදුකරන ලද මානුෂීය මෙහෙයුම හා ඒ සමයේ උතුරු  නැගෙනහිර ප්‍රදේශවල පැවැති ආර්ථිකසමාජීයය වාර්තාවරණය විවරණය කරමින් හෝමාගම අධ්‍යාපන කලාපයේ විද්‍යා ගුරු උපදේශකවරයෙකු වන ජයරත්න කොඩිප්පිලි මහතා රචිත උතුරු මුහුද නවකතාව ජනාධිපතිවරයාට පිළිගැන්වීමේ උත්සවය පසුගිය දා අරලියගහ මන්දිරයේ දී සිදුකෙරිණි. එහිදී  ජයරත්න කොඩිප්පිලි මහතා විසින්  ජනාධිපතිවරයා වෙත සිය කෘතිය පිළිගැන්වීමේ අවස්ථාව.
සේන පෙරේරා - ( මව්බිම )

      විදේශීය බලවේග වල අනුග්‍රහය ලබමින් වර්ධනය වූ කොටි සංවිධානය පරාජය කිරීමේ ක්‍රියාවලියට සමාන්තරව එදා පැවැති දේශපාලන, ආර්ථික, සමාජයීය පසුබිම පිළිබඳ අවධානය යොමු කරමින් ලියා ඇති මෙම කෘතියෙන් පැවැති තත්ත්වය මනාව පිළිබිඹු වේ. සත්‍යමය ක්‍රියාදාමයන් ද පසුබිම් කොට ගනිමින් ජයරත්න කොඩිප්පිලි මහතා විසින් නිර්මාණය කර ඇති මෙම කෘතිය කිසිවිටකවත් ප්‍රබන්ධයක් යැයි නොහැගේ.
මේජර් ‍ජනරාල් දයා රත්නායක 
RWP,RSP,USP,mdu,psc
යුධ හමුදා මාණ්ඩලික ප්‍රධාන


     තමාගේ කුළුඳුල් නව කතාව තුළින්ම සම්මානයට පාත්‍ර වන්නට කෙනෙකුට හැකිනම්... ඔහු ඒ අභියෝගය අභියෝගයක් කර නොගත් අයෙකි. රණවිරු සුවඳ ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ මව්බිම අහිමිවනවකතාවේ කතුවරයා ඔහු ය. ඔහු නමින් ජයරත්න කොඩිප්පිලි ය. දැන් යුද්ධය අවසන් ය. දශක තුනක් තිස්සේ පැවැති යුද්ධය නිමාකොට සාමයෙන් පිරි දේශයක් ගොඩනැංවීම කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අමතක කළ නොහැක්කක් නොවේ. එය අපේ සාඩම්බර වූ ඉතිහාසයේ නොමැකෙන සලකුණකි. අහිමි වූ ජීවිත අති විශාල ය. රණවිරුවන් තම ජීවිත පූජා කළේ පෞද්ගලික අරමුණකින් නොව පොදු හැගීමකිනි.

      එනිසා ඔවුන් සදා අමරණීය ය. මානුෂීය මෙහෙයුමත්, ඔවුනගේ සුරු විරුකමුත් අනාගතයේ දී දකින්නට නම් රණවිරු සාහිත්‍යයක් අත්‍යවශ්‍යම ය. ඒ අනුව මානුෂීය මෙහෙයුම පැවැති සමය පසුබිම් කර ගනිමින්, එහි ආරම්භයේ සිට අවසන් විජයග්‍රහණය දක්වා වූ වකවානුව වස්තු බීජ කරගනිමින් ඒ අනුව බිහි වුණකි උතුරු මුහුද”. හමුදා බුද්ධි නිලධාරියෙකු වටා ගෙතෙන මෙම කතා පුවතින් එවකට උතුරේ පැවැති සමාජ වාතාවරණය පිළිබිඹු වේ. එපමණක් නොවේ. යුද ගැටුම් වලට මැදිවූ අහිංසක ජනතාව, එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම් තුළින් පීඩාවට පත් වූ ආකාරයෙන් නිරූපිත ය. හමුදා භටයන්ගේ කැපවීම හා වීරත්වයත්, දැඩි දේශපාලන නායකත්වය තුළින් විදේශීය බලවේග නිහඬ වූ ආකාරයත් පිළිබඳ කෘතිය තුළ සාකච්ඡා වේ.

      “මුහුදේ ගිලෙන ගල් කැටයක් වගේ මමත් කොතැනක හරි මිහිදන් වේවි... ඒක කවදා කොතැනක දී සිදුවෙයි ද කියලා කිසි කෙනෙකුට කියන්න බැහැ... යුද්ධය හැම දෙයක්ම අපෙන් ඈත් කළා. හරියට බඩ පිරෙන්න කාපු දිනයක් මතක නැහැ...මදිවාදන්ගේ සිතුවිලිත්, චන්දිමාල්ගේ තීක්‍ෂණ බුද්ධිමය මෙහෙයුමත්, ත්‍රස්තවාදී ඉහළ පෙළේ ක්‍රියාකාරිත්වයත් සමඟ එහි අවසානය මෙම කෘතිය තුළ මැනවින් පිළිබිඹු කෙරේ.
නදීෂානි පි‍්‍රයංගිකා - ( දිනමිණ )

      මෙම කෘතිය සරසවි, ගුණසේන, ගොඩගේ, සූරිය, දයාවංශ ඇතුලු දිවයිනේ ප්‍රධාන  පොත්හල් වෙතින් ලබාගත හැකියි..

මිල රැ. 300/=                                                          ISBN 978-955-99030-5-5

    “ වලාකුළුවලින් තොර අහසේ තාරකා එක දෙක දිදුලන්නට පටන් ගත්තා..... මිනිත්තු කිහිපයකට පෙර පැවති සිහින් මිහිදුම් පටලයත් කදු අතරින් නොපෙනී ගිහින්..... සද එළියෙන් මුළු පෙදෙසම නැහැවිලා..... එකවරම පුංචි රිදී පැහැ වස්තුවක් කදුපෙළ අතරින් මතුවුණා..... දුම් දැමීමකින් හෝ ශබ්දයකින් තොරවම එය උතුරැ දෙසට ඇදිලා ගියා..... ඇත්තෙන්ම එහි ප්‍රමාණය ගැන කියන්න අමාරැයි..... ඒ වගේම ඒක කොතරම් ඉහළින් ගමන් කළාද කියන්නත් බැහැ..... සමහරවිට මීටර් දෙසීයක් විතර වෙන්න ඇති..... ඒ වුණාට ඇත්තම වස්තුවක් අහසේ ගමන් කළ බව නම් මට විශ්වාසයි..... ඇත්තටම ඒ වගේ වස්තුවක් මම මීට පෙර කිසි දවසක දැකලා නැහැ..... ඒකෙන් නිකුත් වුණේ අමුතුම ආලෝකයක්..... සුදුම සුදුයි..... නැහැ..... ප්ලොරසන්ට් බල්බයක වගේ නිලට හුරැ සුදු එළියක්..... හරිම දීප්තිමත්..... තවත් මොහොතකින් එය අධික වේගයෙන් ඉහළට ඇදිලා ගිහින් නොපෙනී ගියා.....
   
      මෙය හදුනා නොගත් පියාසර වස්තු පිළිබද එක් වාර්තාවක් පමණි. මෙය සත්‍ය සිදුවීමක් ලෙස ඔබට පිළිගත හැකි ද? පිළිගන්නේ නම් ඒ සදහා පදනම් කරගනු ලබන කරැණු මොනවා ද? පිළිනොගන්නේ නම් එයට හේතුවන කරැණු මොනවා ද? නිවැරදි පිළිතුරක් ලබා දීම සදහා  ඔබට මෙම කෘතියෙන් යම් පිටිවහලක් ලැබෙනු ඇත. 

     ඈත අතීතයේ සිටම මිනිසා අහසේ දිස්වන අද්භූත වස්තු පිළිබද ව විමසිලිමත් විය. එමෙන්ම එම අපූරැ දසුන් පිළිබද විවිධ අර්ථකථන සපයනු ලැබී ය. උල්කා සහ ධූමකේතු පිළිබද ව පැවති මිත්‍යා විශ්වාස නූතන අනාවරණය කිරීම් හමුවේ මිනිසා වෙතින් බැහැර වෙමින් පවතී.
      එ‍හෙත් ලොව නන්දෙසින් වාර්තාවන අභිරහස් යානා පිළිබද ව නිවැරදි පහදා දීමක් මෙතෙක් සිදු වී නැත. මේවා සත්‍ය වශයෙන්ම පිටසක්වළ සිට පැමිණෙන යානා විය හැකි ද? එ‍සේ නැතහොත් මේවා කිසියම් ආකාරයක දෘශ්ටි මායාවන් ද? උගත් බුද්ධිමත් පුද්ගලයින් විසින් ඉදිරිපත් කරන ලද දසුන් පිළිබද වාර්තා සිය ගණනක් වෙයි. එවැනි වාර්තා සම්පූර්යෙන්ම ප්‍රතික්ෂේප කළ නොහැකි ය.
     ජීවයට අත්‍යවශ්‍ය සාධක පවතින්නේ පෘථිවිය මත පමණක් නොවන බව විද්‍යාඥයින්ගේ මතය වේ. එසේනම් විශ්වයේ ජීවය පවතින එකම ස්ථානය පෘථිවිය පමණක්ය යනුවෙන් සැලකිය නොහැකි ය. එවැනි පිටසක්වළ ජීවීන් සිටින්නේ නම් ඔවුන් අතර බුද්ධිමත් ශිෂ්ටාචාර පැවතීමේ හැකියාව ද බැහැර කළ නොහැකි ය. සමහරවිට මිනිසාට වඩා ඉදිරියට ගිය ශිෂ්ටාචාර ද පැවතිය හැකි ය. අසීමිත දුර ප්‍රමාණ තරණය කිරීමට අප තවමත් අපොහොසත් වුවත් එය ජයගැනීමට සමත් බුද්ධිමත් ජීවීන් සිටිය නොහැකි බව අපට පැවසිය නොහැකි ය.
     විශ්වයේ ජීවීන්ගේ පැවැත්ම පිළිබදව සොයා බලන වැදගත් පර්යේෂණ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මේ වන විට පැවැත්වෙයි. මෙම පර්යේෂණ වල ප්‍රතිඵල තුළින් පිටසක්වළ ජීවීන් පිළිබද සත්‍යය හෙළිදරව් කරගත හැකි වනු ඇත. මේ අතර පෘථිවිය මත ජීවයේ පැවැත්ම පිළිබද අර්බුදයන් ද නිර්මාණය වෙමින් පවතී. මිනිසා විසින් එම ගැටලු වලට ද වහා විසදුම් සොයාගත යුතු වේ.  

මිල රැ. 200/=                                                                          ISBN 978-955-99030-3-1

      නව අධයාපන ප්‍රතිසංවිධාන හා ප්‍රතිව්‍යුහකරණ වැඩපිළිවෙල යටතේ ද්විතීයික පාසල් අවධියේ දී දරැවන් වෙත ඉදිරිපත් කරනු ලබන නව විෂයයක් වන විද්‍යාව සහ තාක්ෂණවේදය විෂයය පිළිබදව ලියැවී පළමුවෙන්ම ඔබ අතට පත්වෙන අතිරේක පොතයි මේ.

      9 ශ්‍රේණිය විද්‍යාව සහ තාක්ෂණවේදය විෂයය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වෙන පරිදි මෙහි පාඩම් ඒකක සකස් කොට ඇත. පෙළපොතෙහි සදහන් නොවෙන අතිරේක ක්‍රියාකාරකම් රැසක් ද මෙහි වෙයි. එමෙන්ම වැඩිදිර අධ්‍යයනය සදහා සකස් කරන ලද පාඩම් ඒකකයන්ගෙන්  සහ විද්‍යා උපකරණ භාවිතය පිළිබද අතිරේකයකින් ද මෙම පොත සමන්විත වෙයි.

     ප්‍රවීන විද්‍යා ආචාර්යයවරයෙකු වන ජයරත්න කොඩිප්පිලි මහතා විසින් ඔහුටම සුවිශේෂ වූ සරළ එහි තාර්කික බස් වහරකින් ලියා ඔබවෙත ඉදිරිපත් කරන ලද මෙම පොතෙන් නව විෂයයට ආත්ම ශක්තියෙන් යුක්තව මුහුණ දීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. මෙහි ඇති සියයකට අදික රෑප සටහන් හා ඡායාරෑප මගින් විෂයය කරැණු පිළීබද ඔබේ දැනුම සහ අවබෝධය තහවුරැ කෙරෙනු ඇත.

      9 ශ්‍රේණිය ඉගෙනුම ලබන සිසු දරැ දැරියන්ට පමණක් නොව දැනට අ.පො.ස. (සා.පෙ) පන්තිවල ඉගෙනුම ලබන දරැ දැරියන්ට ද ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලයෙහි නිරත ගුරැවරැන්ට ද විදු දැනුම පෝෂණය කර ගැනීමට බලාපොරොත්තුවන දෙමව්පියන්ටද මෙම පොත මහගු ආධාරකයක් වනු ඇත.
      නව අධ්‍යාපන ප්‍රතිසංවිධාන හා ප්‍රතිව්‍යුහකරණ වැඩපිළිවල යටතේ 6 ශ්‍රේණියේ සිසු දරැ දැරියන්ට අධ්‍යයනය කිරීමට සිදුවන පරිසර අධ්‍යයනය විෂයය පිළීබද අතිරේක කියවීම් පොතකි මේ. 6 ශ්‍රේණියේ පරිසර අධ්‍යයනය විෂයය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආරණය වන පරිදි මෙහි පාඩම් ඒකක සකස් කොට ඇත. 6 ශ්‍රේණියට පිවිසෙන දරැ දැරියන් මෙතෙක් හදාරා ඇත්තේ සමෝධානික විෂයය මාලාවකි. එහෙත් දිවිතීයික අධ්‍යාපනය ලැබීමේ දී ඔවුන්ට අධ්‍යයනය කිරීමට සිදුවන්නේ විෂයය පාදක විෂයය මාලාවකි. ඒ අනුව 7 ශ්‍රේණියේ සිට අධ්‍යයනය කිරීමට සිදුවන විද්‍යාව හා තාක්ෂණවේදය විෂයයටත් සමාජ අධ්‍යයනය විෂයයටත් පිවිසීමේ මූලික පියවර වශයෙන් මෙම සංක්‍රාන්ති අවස්ථාවේදී පරිසර අධ්‍යයනය විෂයය හැදෑරීමට අවස්ථාව සළසා දී ඇත. මෙම පොත පරිශීලනය කිරීමෙන් ශිෂ්‍යයාට එම කාර්යය වඩාත් පහසු කරවනු ඇත.

      ප්‍රවීන විද්‍යා ආචාර්යය වරයෙකු සහ විද්‍යා ලේඛකයෙකු වන ජයරත්න අයි. කොඩිප්පලි මහතා විසින් මෙම පොත සම්පාදනය කර ඇත. ඔහු ජාතික අධ්‍යාපන ආයතනයේ සම්පත් පුද්ගලයෙකු වශයෙන් ද කටයුතු කරයි.
      නව අධ්‍යාපන ප්‍රතිසංවිධාන හා ප්‍රතිව්‍යුහකරණ වැඩ පිළිවෙළ යටතේ ද්විතීක පාසල් අවධියේ දී හදුන්වා දෙන ලද විද්‍යාව හා තාක්ෂණවේදය විෂයයට අ.පො.ස. (සා.පෙළ) විභාගයේදී පිළිතුරැ සැපයීමට සූදානම් වන සිසුන් වෙත පිරිනැමෙන පළමුවන අතිරේක පොතයි මේ. 9, 10 සහ 11 විද්‍යාව සහ තාක්ෂණවේදය විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ම ආවරණය වන සේ මෙහි පාඩම් ඒකක සකස් කොට ඇත. වසර තුනක් ඇතුළතදී ඔබ අධ්‍යයනය කළ විෂය කරැණු සියල්ල ඉතා ඉක්මනින් පුනරීක්ෂණය කරගැනීම පහසු කටයුත්තක් නොවේ. එබැවින් විභාගයට සූදානම් වන ඔබට ඉතා කෙටි කළකින් පුනරීක්ෂණයෙහි යෙදිය හැකිවන සේ සියලු විෂයය කරැණු මෙහි සාරාංශීකරණය කොට ඇත. ප්‍රවීණ විද්‍යා ආචාර්යය වරයෙකු වන ජයරත්න කොඩිප්පිලි මහතා විසින් සම්පාදනය කරන ලද මෙම පොත පරිහරණය කොට විශයය පිළීබද දැනුම හා අවබෝධය තහවුරැ කරගැනීමෙන් නව (සා.පෙළ) විභාගයට ආත්ම ශක්තියෙන් යුක්තව මුහුණ දීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. මෙම පොත ඔබට නව (සා.පෙළ) විභාග තරණය සදහා අත්වැළක් වනු නොඅනුමානය.
      විද්‍යාව ඉගෙන ගැනීමේ දී සිසුන් ක්‍රියාකාරකම්වල යෙදී ඒවා නිරීක්ෂණය කිරීම ද එම නිරීක්ෂණ අනුව නිගමන ගැනීම ද ඉතා වැදගත් ය. මෙම පොතෙහි එවැනි නැඹුරැවක්  දක්නට ලැබීම සිත්ගන්නා කරැණකි.

       දිවයිනේ දුෂ්කර, අතිදුෂ්කර මෙන්ම ජනප්‍රිය පාසල්වල ද, විද්‍යා ගුරැවරයෙකු වශයෙන් සේවය කර ඇති ජයරත්න කොඩිප්පිලි මහතා විසින් රචිත මෙම පොත විධිමත් විද්‍යා අධ්‍යාපනයට පිවිසෙන 6 ශ්‍රේණියේ සිසුන් සදහා සකස්කර ඇත.

       පත්තලගෙදර ගුරැ විදුහලෙන් විද්‍යා ගුරැවරයෙකු ලෙස පුහුණුව ලබාගත් ජයරත්න කොඩිප්පිලි මහතා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව ද හදාරා ඇත. සමුදුර සහ විදුසෙත පුවත්පත්වල විශේෂාංග ලේඛකයෙකු ලෙස පාඨකයන් අතරට පිවිසි ඔහු මන්දාකිණි තාරකා විද්‍යා සගරාවේ ප්‍රධාන සංස්කාරකවරයා ද වෙයි.  

                                                                             ඒ. ඩී. ගුණසේකර ( අධ්‍යක්ෂ )
                                                                                ජාතික අධ්‍යාපන ආයතනය
      නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 7, 8 හා 9 ශ්‍රේණිවල විද්‍යාව විෂයය අධ්‍යයනය කිරීමේ දී හැදෑරීමට සිදුවන තාරකා විද්‍යා පාඩම් ඒකක පිළිබද දැනුම හා අවබෝධය පහසුවෙන් ලබාගැනීම සදහා මෙම පොත සම්පාදනය කොට ඇත. විද්‍යා ගුරු වරයෙකු වශයෙන් වසර ගණනාවක අත්දැකීම් ලබා ඇති ජයරත්න කොඩිප්පිලි මහතා, සිසුන්ගේ දැනුම මට්ටමට උචිතවන පරිදි සරල ශෛලියකින් මෙම පොත ලියා ඇත. සෑම ඒකකයකටම සිත්ගන්නා සුළු ආකාරයට නාට්‍යානුසාරයෙන් පිවිසී ක්‍රමයෙන් වඩාත් ගැඹුරැ කරැණු පිළිබද ව අවධානය යොමු කර ඇත.

      ‘‘ සමුදුර ’’ සහ ‘‘ විදුසෙත ’’ පුවත්පත්වල විද්‍යා විශේෂාංග ලේඛකයෙකු වශයෙන් පාඨකයන් අතරට පිවිසි හෙතෙම තාරකා විද්‍යාව පිළිබද ව ඇති උනන්දුව නිසාම 1997 වසරේ දී සිසු ගුරු  නිර්මාණ සහිතව ‘‘ මන්දාකිණි ’’ නමින්  තාරකා විද්‍යා සගරාවක් බිහිකිරීමට දායක විය. ජාතික අධ්‍යපන ආයතනයේ සම්පත් පුද්ගලයෙකු වශයෙන් ද, හෝමාගම අධ්‍යාපන කලාපයේ  ‘‘ ගුරැ තරු ’’ තාරකා විද්‍යා සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් ද ජයරත්න කොඩිප්පිලි මහතා කටයුතු කරයි.

මහාචාර්ය රෝලන්ඩ් අබේපාල
කොළඹ විශ්ව විද්‍යාලය
      විද්‍යා පුහුණු අධ්‍යාපනවේදී උපාධිධාරියෙකු වන ජයරත්න කොඩිප්පිලි මහතා විසින් අධ්‍යයන ක්‍රියාවලයෙහි නිරතවන සිසුන් හා ගුරැභවතුන් සදහා සකස් කරන ලද මෙම කෘතිය තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණය හදාරන්නන්ට පමණක් නොව ඒ පිළිබදව උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගත හැකි වන පරිදි සරල බසින් ලියා ඉදිරිපත් කර තිබේ.

      නව විෂයයක් ලෙස පාසල් සිසුනට හදුන්වා දී ඇති තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණය විෂයය පිළීබද හැදින්වීමක් ද, එම විෂයය ක්ෂේත්‍රයට අයත්වන පරිගණක ඉතිහාසය, දුරස්ථ සන්නිවේදනය, ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ හා අධ්‍යාපනික මෘදුකාංග භාවිතය පිළිබද තොරතුරැ ද, මූලික පරිගණක හැකියා ලබා ගැනීම සදහා සුදුසු ක්‍රියාකාරකම් ද මෙම ග්‍රන්ථයේ ඇතුළත් ය.

      එමෙන්ම පරිගණක උපාංග හදුනාගැනීම, තොරතුරැ පද්ධති හා සංකල්ප පිළීබදවත්, පරිගණක ආධාරක අධ්‍යාපනය නම් නව සංකල්පය යථාර්තයක් බවට පත් කරගනිමින් අධ්‍යයන කටයුතුවලදී පරිණකය භාවිතා කළ හැකි ආකාරය පිළිබදවත් වැදගත් කරැණු රැසක් අන්තර්ගත මෙම කෘතිය පරිගණක භාවිත කරන කාටත් මහගු අත්වැලක් වනු ඇත.

 ආචාර්ය අයි. එල්. ගිනිගේ
සහකාර අධ්‍යක්ෂ ජනරාල්
( විෂයමාලා සංවර්ධන )
විද්‍යා හා තාක්ෂණ පීඨය,
ජාතික අධ්‍යාපන ආයතනය
      2010 වර්ෂයේ සිට 9 ශ්‍රේණියේ සිසුන් සදහා නිපුණතා පාදක, ක්‍රියාකාරකම් මූලික, ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙයි. ඒ අනුව නව විෂයය නිර්දේශයට අනුකූලව සකස්කොට ඔබ අතට පත්වන පළමුවන අතිරේක කියවීම් පොතයි මේ. 

      9 ශ්‍රේණියේ විෂයය නිර්දේශයටඅදාළ සියලු පාඩම් ඒකක ආවරණය වන පරිදි මෙම පොත සකස් කර තිබේ. එමෙන්ම 9 ශ්‍රේණියේ දී පාසල් පද්ධතියට හදුන්වා දෙන නැනෝ තාක්ෂණය පිළිබද අතිරේකයක් ද මෙම පොතට ඇතුළත් වේ. වාර විභාග සහ ඇගයීම් අවස්ථා සදහා සූදානම් වන සිසුන්ට තමා උගත් කරැණු ඉක්මනින් පුනරීක්ෂණය කරගැනීම සදහා මෙම පොත මහගු පිටිවහලක් වනු ඇත. 

      විද්‍යාව විෂයයට අදාළ අතිරේක පොත් රැසක් ලියා ඇති සම්මානලාභී ලේඛක ජයරත්න කොඩිප්පිලි මහතා විසින් මෙම පොත සම්පාදනය කොට තිබේ. වසර ගණනාවක් ගුවන්විදුලියෙන් හා රෑපවාහිනී අධ්‍යාපන සත්කාරය තුළින් අ.පො.ස.(සාපෙළ) විභාගයට මුහුණ දුන් දැයේ දරැවන්ගේ ජයග්‍රහණයට අත්වැලක් වූ ඔහු විසින් සම්පාදනය කරන ලද විද්‍යාව 10 සහ 11 සාරාංශීකරණය පොත් ද සිසුන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. 

      හෝමාගම කලාපීය විද්‍යා ගුරැ උපදේශක වශයෙන් කටයුතු කරන ජයරත්න කොඩිප්පිලි මහතාගේ මෙම කෘතිය ද සිසුන් අතර ජනප්‍රිය වනු නොඅනුමාන ය. 



එච්. එස්. පෙරමුණගේ 
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විද්‍යා)
      නිපුණතා පාදක, ක්‍රියාකාරකම් මූලික හා ශිෂ්‍ය කේන්ද්‍රීය වූ නව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය 2007 වර්යේ සිට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙයි. මෙම ක්‍රියාවලිය තුළින්අධ්‍යාපනය ලබා අ.පො.ස. (සාපෙළ) විභාගයට මුහුණ දීමට සූදානම්වන සිසුන් සදහා මෙම පොත සකස්කොට තිබේ.

      10 ශ්‍රේණිය විද්‍යාව විෂයය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙහි පාඩම් ඒකක ඇතුළත්කර ඇති අතර ශිෂ්‍යයා අධ්‍යයනය කළ කරැණු සියල්ල ඉක්මනින් පුනරීක්ෂණය කළ හැකි වනසේ සියලු විෂයය කරැණු මෙහි සාරාංශ කොට දක්වා තිබේ. වැදගත් රෑප සටහන් හා ඡායාරෑප රැසක් ද වේ.

      සම්මානලාභී ලේඛක, ජයරත්න කොඩිප්පිලි මහතා විසින් මෙම පොත සම්පාදනය කර තිබේ. ගුවන් විදුලියෙන් හා රෑපවාහිනී අධ්‍යාපන සත්කාරය තුළින් වසර ගණනාවක් දිවයිනේ සිසු දරැ දැරියන් වෙත සමීප වූ හෙතෙම දැනට හෝමාගම කලාපීය විද්‍යා ගුරැ උපදේශකවරයා වශයෙන් සේවයේ යෙදී සිටියි. විද්‍යා විෂයයන්ට අදාළ ජනප්‍රිය පොත් රැසක් ලියා ඇති ඔහුගේ මෙම කෘතිය ද සිසු පරපුරට සාපෙළ විභාග තරණය සදහා මහගු අත්වැලක් වනු ඇත.   

                                                                                           සී. එම්. ආර්. ඇන්තනි
                                                                                              අධ්‍යක්ෂ
                                                                                           විද්‍යා, සෞඛ්‍ය හා ශාරීරික
                                                                                            අධ්‍යාපන දෙපාර්තමේන්තුව,
ජාතික අධ්‍යාපන ආයතනය.
  


     නිපුණතා පාදක, ක්‍රියාකාරකම් මූලික හා ශිෂ්‍ය කේන්ද්‍රීය වූ නව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය 2007 වර්යේ සිට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙයි. මෙම ක්‍රියාවලිය තුළින් අධ්‍යාපනය ලබා අ.පො.ස (සාපෙළ) විභාගයට මුහුණ දීමට සූදානම්වන සිසුන් සදහා මෙම පොත සකස්කොට තිබේ.

      11 ශ්‍රේණිය විද්‍යාව විෂයය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙහි පාඩම් ඒකක ඇතුළත් කර ඇති අතර ශිෂ්‍යයා අධ්‍යයනය කළ කරැණු සියල්ල ඉක්මනින් පුනරීක්ෂණය කළ හැකි වනසේ සියලු විෂයය කරැණු මෙහි සාරාංශ කොට දක්වා තිබේ. වැදගත් රෑප සටහන් හා ඡායාරෑප රැසක් ද වේ.

      සම්මානලාභී ලේඛක, ජයරත්න කොඩිප්පිලි මහතා විසින් මෙම පොත සම්පාදනය කර තිබේ. ගුවන් විදුලියෙන් හා රෑපවාහිනී අධ්‍යාපන සත්කාරය තුළින් වසර ගණනාවක් දිවයිනේ සිසු දරැ දැරියන් වෙත සමීප වූ හෙතෙම දැනට හෝමාගම කලාපීය විද්‍යා ගුරැ උපදේශකවරයා වශයෙන් සේවයේ යෙදී සිටියි. විද්‍යා විෂයයන්ට අදාළ ජනප්‍රිය පොත් රැසක් ලියා ඇති ඔහුගේ මෙම කෘතිය ද සිසු පරපුරට සාපෙළ විභාග තරණය සදහා මහගු අත්වැලක් වනු ඇත.   

                                                                                           සී. එම්. ආර්. ඇන්තනි
                                                                                              අධ්‍යක්ෂ
                                                                                           විද්‍යා, සෞඛ්‍ය හා ශාරීරික
                                                                                            අධ්‍යාපන දෙපාර්තමේන්තුව,
ජාතික අධ්‍යාපන ආයතනය.
  
Next PostNewer Posts Previous PostOlder Posts Home