6 ශ්‍රේණිය විද්‍යාව අතිරේක කියවීම් පොත - ජයරත්න කොඩිප්පිලි

      විද්‍යාව ඉගෙන ගැනීමේ දී සිසුන් ක්‍රියාකාරකම්වල යෙදී ඒවා නිරීක්ෂණය කිරීම ද එම නිරීක්ෂණ අනුව නිගමන ගැනීම ද ඉතා වැදගත් ය. මෙම පොතෙහි එවැනි නැඹුරැවක්  දක්නට ලැබීම සිත්ගන්නා කරැණකි.

       දිවයිනේ දුෂ්කර, අතිදුෂ්කර මෙන්ම ජනප්‍රිය පාසල්වල ද, විද්‍යා ගුරැවරයෙකු වශයෙන් සේවය කර ඇති ජයරත්න කොඩිප්පිලි මහතා විසින් රචිත මෙම පොත විධිමත් විද්‍යා අධ්‍යාපනයට පිවිසෙන 6 ශ්‍රේණියේ සිසුන් සදහා සකස්කර ඇත.

       පත්තලගෙදර ගුරැ විදුහලෙන් විද්‍යා ගුරැවරයෙකු ලෙස පුහුණුව ලබාගත් ජයරත්න කොඩිප්පිලි මහතා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව ද හදාරා ඇත. සමුදුර සහ විදුසෙත පුවත්පත්වල විශේෂාංග ලේඛකයෙකු ලෙස පාඨකයන් අතරට පිවිසි ඔහු මන්දාකිණි තාරකා විද්‍යා සගරාවේ ප්‍රධාන සංස්කාරකවරයා ද වෙයි.  

                                                                             ඒ. ඩී. ගුණසේකර ( අධ්‍යක්ෂ )
                                                                                ජාතික අධ්‍යාපන ආයතනය
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment