අ.පො.ස. (සාපෙළ) විභාගය සදහා විද්‍යාව 11 සාරාංශීකරණය - ජයරත්න කොඩිප්පිලි



     නිපුණතා පාදක, ක්‍රියාකාරකම් මූලික හා ශිෂ්‍ය කේන්ද්‍රීය වූ නව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය 2007 වර්යේ සිට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙයි. මෙම ක්‍රියාවලිය තුළින් අධ්‍යාපනය ලබා අ.පො.ස (සාපෙළ) විභාගයට මුහුණ දීමට සූදානම්වන සිසුන් සදහා මෙම පොත සකස්කොට තිබේ.

      11 ශ්‍රේණිය විද්‍යාව විෂයය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙහි පාඩම් ඒකක ඇතුළත් කර ඇති අතර ශිෂ්‍යයා අධ්‍යයනය කළ කරැණු සියල්ල ඉක්මනින් පුනරීක්ෂණය කළ හැකි වනසේ සියලු විෂයය කරැණු මෙහි සාරාංශ කොට දක්වා තිබේ. වැදගත් රෑප සටහන් හා ඡායාරෑප රැසක් ද වේ.

      සම්මානලාභී ලේඛක, ජයරත්න කොඩිප්පිලි මහතා විසින් මෙම පොත සම්පාදනය කර තිබේ. ගුවන් විදුලියෙන් හා රෑපවාහිනී අධ්‍යාපන සත්කාරය තුළින් වසර ගණනාවක් දිවයිනේ සිසු දරැ දැරියන් වෙත සමීප වූ හෙතෙම දැනට හෝමාගම කලාපීය විද්‍යා ගුරැ උපදේශකවරයා වශයෙන් සේවයේ යෙදී සිටියි. විද්‍යා විෂයයන්ට අදාළ ජනප්‍රිය පොත් රැසක් ලියා ඇති ඔහුගේ මෙම කෘතිය ද සිසු පරපුරට සාපෙළ විභාග තරණය සදහා මහගු අත්වැලක් වනු ඇත.   

                                                                                           සී. එම්. ආර්. ඇන්තනි
                                                                                              අධ්‍යක්ෂ
                                                                                           විද්‍යා, සෞඛ්‍ය හා ශාරීරික
                                                                                            අධ්‍යාපන දෙපාර්තමේන්තුව,
ජාතික අධ්‍යාපන ආයතනය.
  
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment