2016 නව විෂයය නිර්දේශයට අනුකූල ව සම්පූර්ණ විෂයය නිර්දේශයම ආවරණය වන පරිදි මෙම ප්‍රශ්නපත්‍ර සකස්කර ඇත. අ.පො.ස.(සා.පෙළ) විභාගයේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය මණ්ඩල ප්‍රධාන හා ප්‍රධාන පරීක්ෂකයෙකු වශයෙන් මෙන්ම ගුරු උපදේශකවරයෙකු වශයෙන් වසර ගණනාවක් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදීමෙන් ලද අත්දැකීම් මෙම කෘතිය නිර්මාණය කිරීමේ දී කතුවරයා විසින් උපයෝගී කරගෙන ඇත. සිසු පරපුර වෙනුවෙන් විද්‍යා ග්‍රන්ථ රැසක් ලියා ඇති ඔහු රූපවාහිනිය හා අන්තර්ජාලය ඔස්සේ ද විද්‍යා දැනුම ලබා දෙයි. එමෙන්ම පෙළ පොත් ලේඛක මණ්ඩලයේ සාමාජිකයෙක් ද වෙයි. විභාගයට පෙර විෂයය කරුණු පහසුවෙන් පුනරීක්ෂණය කරගැනීමටත්, නියමිත කාලය තුළ පිළිතුරු සපයා පුහුණු වීමටත් ඔබට මෙම කෘතිය මහගු පිටිවහලක් වනු ඇත.   

මිල රු. 350 ⁄ =

විද්‍යාඥයා පරිසරයේ පවතින මෙතෙක් හදුනා නොගත් දෑ පිළිබඳව අනාවරනය කිරීම් වල යෙදෙයි. අනාවරණය වූ මූලධර්ම උපයෝගී කරගනිමින් නව නිපැයුම්කරුවා නව නිපැයුම් බිහිකරයි. ලොව වෙනස්කිරීමට දායක වූ පුද්ගලයන් එකසිය හැටකට අධික ප්‍රමාණයක් පිළිබද තොරතුරු මෙම පොතෙහි අන්තර්ගත වේ. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, තාරකා විද්‍යාව, මනෝ විද්‍යාව සහ තාක්ෂණවේදය යන ක්ෂේත්‍ර ඔස්සේ විවිධ පර්යේෂණවල නිරත වූ විද්‍යාඥයෝ සහ නව නිපැයුම්කරුවෝ ඒ අතර වෙති.

ලොව වෙනස් කළ විදයාඥයින්ගේ සහ නව නිපැයුම්කරුවන්ගේ ජීවිත හැමවිටම ජයග්‍රහණයන්ගෙන් පිරී නොතිබුණි. ඒවා පරාජයන්ගෙන් මෙන්ම දුක් වේදනාවන්ගෙන් ද අනූන විය. එහෙත් ඔවුන්ගේ අධිෂ්ඨානය සහ නොපසුබට උත්සාහය නිසා විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඔවුන් ලබා ඇති ජයග්‍රහණයන් මිනිස් සංහතිය වෙත දායාද කරදීමට ඔවුනට හැකි වී තිබේ. ඔවුන්ගේ ජීවන තොරතුරු වලින් ඔබට ලබා ගත හැකි ආදර්ශ බොහොමයකි. අනාගතයේ දී එවැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ශ්‍රී ලංකාවෙන් බිහිවීම දැක්ම අපගේ අපේක්ෂාවයි. මෙය ඒ සඳහා මග පෙන්වීමකි.
Next PostNewer Posts Previous PostOlder Posts Home