විද්‍යාව සහ තාක්ෂණවේදය 9 10 11 සාරාංශීකරණය - ජයරත්න කොඩිප්පිලි

      නව අධ්‍යාපන ප්‍රතිසංවිධාන හා ප්‍රතිව්‍යුහකරණ වැඩ පිළිවෙළ යටතේ ද්විතීක පාසල් අවධියේ දී හදුන්වා දෙන ලද විද්‍යාව හා තාක්ෂණවේදය විෂයයට අ.පො.ස. (සා.පෙළ) විභාගයේදී පිළිතුරැ සැපයීමට සූදානම් වන සිසුන් වෙත පිරිනැමෙන පළමුවන අතිරේක පොතයි මේ. 9, 10 සහ 11 විද්‍යාව සහ තාක්ෂණවේදය විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ම ආවරණය වන සේ මෙහි පාඩම් ඒකක සකස් කොට ඇත. වසර තුනක් ඇතුළතදී ඔබ අධ්‍යයනය කළ විෂය කරැණු සියල්ල ඉතා ඉක්මනින් පුනරීක්ෂණය කරගැනීම පහසු කටයුත්තක් නොවේ. එබැවින් විභාගයට සූදානම් වන ඔබට ඉතා කෙටි කළකින් පුනරීක්ෂණයෙහි යෙදිය හැකිවන සේ සියලු විෂයය කරැණු මෙහි සාරාංශීකරණය කොට ඇත. ප්‍රවීණ විද්‍යා ආචාර්යය වරයෙකු වන ජයරත්න කොඩිප්පිලි මහතා විසින් සම්පාදනය කරන ලද මෙම පොත පරිහරණය කොට විශයය පිළීබද දැනුම හා අවබෝධය තහවුරැ කරගැනීමෙන් නව (සා.පෙළ) විභාගයට ආත්ම ශක්තියෙන් යුක්තව මුහුණ දීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. මෙම පොත ඔබට නව (සා.පෙළ) විභාග තරණය සදහා අත්වැළක් වනු නොඅනුමානය.
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment