9 ශ්‍රේණිය විද්‍යාව සහ තාක්ෂණවේදය - ජයරත්න කොඩිප්පිලි

      නව අධයාපන ප්‍රතිසංවිධාන හා ප්‍රතිව්‍යුහකරණ වැඩපිළිවෙල යටතේ ද්විතීයික පාසල් අවධියේ දී දරැවන් වෙත ඉදිරිපත් කරනු ලබන නව විෂයයක් වන විද්‍යාව සහ තාක්ෂණවේදය විෂයය පිළිබදව ලියැවී පළමුවෙන්ම ඔබ අතට පත්වෙන අතිරේක පොතයි මේ.

      9 ශ්‍රේණිය විද්‍යාව සහ තාක්ෂණවේදය විෂයය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වෙන පරිදි මෙහි පාඩම් ඒකක සකස් කොට ඇත. පෙළපොතෙහි සදහන් නොවෙන අතිරේක ක්‍රියාකාරකම් රැසක් ද මෙහි වෙයි. එමෙන්ම වැඩිදිර අධ්‍යයනය සදහා සකස් කරන ලද පාඩම් ඒකකයන්ගෙන්  සහ විද්‍යා උපකරණ භාවිතය පිළිබද අතිරේකයකින් ද මෙම පොත සමන්විත වෙයි.

     ප්‍රවීන විද්‍යා ආචාර්යයවරයෙකු වන ජයරත්න කොඩිප්පිලි මහතා විසින් ඔහුටම සුවිශේෂ වූ සරළ එහි තාර්කික බස් වහරකින් ලියා ඔබවෙත ඉදිරිපත් කරන ලද මෙම පොතෙන් නව විෂයයට ආත්ම ශක්තියෙන් යුක්තව මුහුණ දීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. මෙහි ඇති සියයකට අදික රෑප සටහන් හා ඡායාරෑප මගින් විෂයය කරැණු පිළීබද ඔබේ දැනුම සහ අවබෝධය තහවුරැ කෙරෙනු ඇත.

      9 ශ්‍රේණිය ඉගෙනුම ලබන සිසු දරැ දැරියන්ට පමණක් නොව දැනට අ.පො.ස. (සා.පෙ) පන්තිවල ඉගෙනුම ලබන දරැ දැරියන්ට ද ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලයෙහි නිරත ගුරැවරැන්ට ද විදු දැනුම පෝෂණය කර ගැනීමට බලාපොරොත්තුවන දෙමව්පියන්ටද මෙම පොත මහගු ආධාරකයක් වනු ඇත.
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment