විද්‍යාව 11 මගේ වැඩපොත - ජයරත්න ඉහළ කොඩිප්පිලි




11 ශ්‍රේණිය විද්‍යාව පෙළපොත සඳහා අතිරේක පොතක් ලෙස ඔබට මෙම පොත භාවිත කළ හැකි ය. විභාගයට පිළිතුරු සැපයීමේ දී ශිෂ්‍ය ක්‍රියාකාරකම් වල දී ලබාගත් දැනුම හා අවබෝධය ඔබට ප්‍රදර්ශනය කිරීමට සිදු වේ. බොහෝ විට ගැටලුමය අවස්ථාවලට අදාළ ව චින්තනයට නැඹුරු ප්‍රශ්න වලට මුහුණ දීමේ අවස්ථාව උදා වෙයි. එබැවින් පෙළපොතෙහි සඳහන් සියලු පාඩම් ඒකක සඳහා චින්තනයට නැඹුරු ප්‍රශ්න රැසක් ම මෙහි අන්තර්ගත කර තිබේ. එමෙන් ම 11 ශ්‍රේණියේ දී ඔබ ලබා ගත යුතු දැනුම සහ අවබෝධය පහසුවෙන් තහවුරු කරගැනීම සඳහා විවිධ ආකාරයේ ප්‍රශ්න මෙහි අන්තර්ගත වේ. කෙටි පිළිතුරු, බහුවරණ, හිස්තැන් පිරවීම, සත්‍ය අසත්‍ය ප්‍රකාශන ආදිය ඒ අතර වෙයි.

මෙම වැඩපොත ශිෂ්‍යයා අදාළ ඉගෙනුම් ඵල කරා ළගා වී ඇත්දැයි තහවුරු කරගැනීමටත්, එදිනෙදා ජීවිතයේ දී ඒවා භාවිතය සහ අන්තර්සම්බන්ධතා හඳුනාගැනීම කෙතරම් දුරට සිදුකරන්නේ දැයි හඳුනාගැනීමටත් ගුරුවරයාට ප්‍රයෝජනවත් වෙයි. පිළිතුරු සැපයීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩක් සපයා තිබීම තුළින් ශිෂ්‍යයාට අනවශ්‍ය විස්තර කිරීම් වලින් තොර ව පිළිතුරු ගොනු කරගැනීමේ කුසලතාව සංවර්ධනය කරගැනීමේ අවස්ථාව ද උදා වෙයි.

දෙමාපියන්ට ද තම දරුවාගේ ඉගෙනුම් ක්‍රියාවලිය කෙතරම් සාර්ථක ව සිදුවන්නේ දැ යි හඳුනාගැනීමටත්, එදිනෙදා උගත් පාඩම් පුනරීක්ෂණය කරගැනීම සඳහා මග පෙන්වීමටත් මෙම පොත යොදා ගත හැකි ය. ප්‍රශ්න සියල්ල සඳහා පිළිතුරු ද මෙම පොතෙහි ඇතුළත් කර තිබේ. එය පිළිතුරු ලිවීම සඳහා මග පෙන්වීමකි. ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමෙන් අනතුරු ව පොතෙහි සඳහන් පිළිතුරු සමග ඒවා සංසන්දනය කරන්න.
ඔබ අධ්‍යයනය කළ විෂයය කරුණු සියල්ල මාසික පරීක්ෂණ, වාර පරීක්ෂණ, පාසල පදනම් කරගත් ඇගයීම් අවස්ථා සහ අ.පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙර පුනරීක්ෂණය කරගත යුතු ය. 11 ශ්‍රේණිය විද්‍යාව සම්පූර්ණ විෂයය සන්ධාරයට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු මෙහි අන්තර්ගත වන බැවින් ඔබට මෙම කාර්යය වඩාත් පහසු වෙයි.

අ.පො. ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය මණ්ඩල ප්‍රධාන සහ ප්‍රධාන පරීක්ෂකයෙකු වශයෙන් මෙන් ම ගුරු උපදේශකවරයෙකු වශයෙන් වසර ගණනාවක් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදීමෙන් ලද අත්දැකීම් මෙම කෘතිය නිර්මාණය කිරීමේ දී කතුවරයා විසින් උපයෝගී කරගෙන ඇත. සිසු පරපුර වෙනුවෙන් විද්‍යා ග්‍රන්ථ රැසක් ලියා ඇති ඔහු රූපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්සේ ද විද්‍යා දැනුම ලබා දෙයි. එමෙන්ම පෙළපොත් ලේඛක මණ්ඩලයේ සහ ගුරු මාර්ගෝපදේශ ලේඛක මණ්ඩලයේ සාමාජිකයෙක් ද වෙයි. 

මිල රු. 400/=
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment