විද්‍යාව 10 නව සාරාංශීකරණය - ජයරත්න ඉහළ කොඩිප්පිලි

      2015 නව විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කරන ලද අ.පො.ස සා.පෙළ විභාගය සදහා විද්‍යාව 10 නව සාරාංශීකරණය පොත ඔබට හදුන්වා දෙන්නේ ඉමහත් සතුටිනි. 10 ශ්‍රේණියේදී ඔබ විසින් අධ්‍යයනය කළ යුතු විද්‍යාව විෂයයට අයත් සියලුම පාඩම් ඒ්කක මෙම කෘතිය තුළ සාරාංශීකරණය කර අැත.

      අ.පො.ස සාපෙළ විභාගයේ ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය සහකාර පරීක්ෂකවරෙයකු හා ප්‍රධාන පරීක්ෂකවරයෙකු වශයෙන් මෙන්ම ගුරු උපෙද්ශකවරයෙකු වශයෙන් වසර ගණනාවක් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ලද අත්දැකීම් මෙම කෘතිය නිර්මාණය කිරීමේදී කතුවරයා විසින් උපයෝගී කරගෙන අැත. සිසු පරපුර වෙනුවෙන් විද්‍යා ග්‍රන්ථ රැසක් ලියා අැති ඔහු පෙළපොත් ලේඛක මණ්ඩලයේ සාමාජිකයෙක් ද වේ.

      10  ශ්‍රේණියේ සියලුම වාර විභාග සදහා මෙන්ම අ.පො.ස සා.පෙළ විභාගය සදහා 10  ශ්‍රේණියෙන් අවශ්‍ය වන වැදගත් කරුණු සියල්ල මෙහි අන්තර්ගත වේ. විභාගයට පෙර විෂය කරුණු පහසුවෙන් පුණරීක්ෂණය කරගැනීම සදහා ඔබට මෙම කෘතිය මහගු පිටිවහලක් වනු අැත.

මිල රු. 400/=                                                          ISBN 978-955-99030-8-6
Next PostNewer Post Previous PostOlder Post Home

1 comment:

  1. මෙම පොත මිලදී ගැනීමට අවශ්‍ය වේ..දුරකථන අංකයක් සදහන් කරන්න

    ReplyDelete